හපුතලේ, කහගොල්ල වතු යායේ ගෝනමොටාව මාර්ගයේ ඇති අධි බලැති විදුළි කණුවක් ආසන්නයේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් අනුවයි එම සිරුර සොයාගෙන ඇත්තේ.
විදුලි සැර වැදීම හේතුවෙන් ඇති වූ පිළිස්සුම් තුවාල එම මෘත ශරීරයේ දක්නට ලැබෙන බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස විදුලි සැර වැදී මියගොස් ඇත්තේ, වයස අවුරුදු 63ක් වන කහගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.




