රාගම ප්‍රදේශයේ වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා.
මෙලෙස හදිසියේ ගිනි ගැනීමට ලක්ව ඇත්තේ විදුලි උපකරණ අලුත්වැඩියා සිදුකරන ස්ථානයක්.
පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා ඇති අතර, ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවටයි අනාවරණය වී ඇත්තේ.
කිසිදු පුද්ගලයෙකුට මෙම අනතුරෙන් හානියක් සිදුව නැහැ.




