කැබිතිගොල්ලෑව, රඹකැපූවැව ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් අතරතුර පොලිස් නිලධාරීයෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (02) දිනයේ දී එම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව කැබිතිගොල්ලෑව පොලීසිය සඳහන් කළේය.
ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු පුද්ගලයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ දිනයේ දී සැකකරුවන් 14දෙනෙකු කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර ඉන් සැකකරුවන් 13 දෙනෙකු ලබන 10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව සඳහන්ය.




