ළිඳකට වැටී 15 හැවිරිදි පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
කින්නියා පොලිස් වසමේ විදුහලක ඉගෙනුම ලැබූ සිදුවෙකු ඊයේ (02) පාසල අසල ළිඳකට වැටී ඇත.
එම දරුවා පාසල අසල ඇති ළිඳට දියනෑමට ගිය අවස්ථාවේදී එම ළිඳට වැටී ඇති බවට දැනට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.
ළඳට වැටී සිටි පාසල් සිසුවා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
මිය ගිය සිසුවා මොහොමදිය නගරු, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.




