වත්මන් ආර්ථික අර්බුදය සාර්ථකව ජය ගැනීමට ශ්‍රී ලංකාව දරණ උත්සාහයට සහය වන බව යුරෝපා සංගමය යළි තහවුරු කර තිබේ.
ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ 06 වන රැස්වීමේදී යුරෝපා සංගමය මේ බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
මෙහිදි ශ්‍රී ලංකාවේ මෑත කාලීන වර්ධනයන් සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳව සාකච්ඡා වී තිබේ.




