වී වගාවට අවශ්‍ය TSP (මඩ පොහොර) පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් ආධාරයක් වශයෙන් අපේ රටට ලබා දීමට USAID එකඟතාවය පළ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
වී වගාවට අවශ්‍ය යුරියා පොහොර, බණ්ඩි පොහොර හා ත්‍රිත්ව සුපිරි පොහොර හෙවත් මඩ පොහොර ලබා දීමට කටයුතු කිරීමේ දී රටේ ආර්ථික අර්බුදය දැඩිලෙස බලපෑමක් එල්ල කළත්, මේ වනවිට වී හා බඩඉරිඟු වගාවට අවශ්‍ය සම්පූර්ණ යුරියා පොහොර හා බණ්ඩි පොහොර ලබා දීමට රජයට හැකි වූ බවයි අමාත්‍යවරයා පවසන්නේ.
කෙසේ වුවද එම පොහොර මෙවර මහ කන්නයේ දී ලබා ගැනීමේ අපහසුතාවයක් පවතින බවත්, TSP හෙවත් ත්‍රිත්ව සුපිරි පොහොර නිපදවනු ලබන්නේ යුක්රේණය හා රුසියාවේ බැවින් දැනට පවතින ගැටළුකාරී බව නිසා ඔවුන් එම පොහොර අපනයනය අත් හිටුවා තිබෙන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළා.
එසේ වුවත් එම ත්‍රිත්ව සුපිරි පොහොර යල කන්නයේ දී ගොවීන්ට නොමිලයේ ලබා දීමට සූදානම් බවයි අමාත්‍යවරයා දැනුම් දුන්නේ.




