දකුණු කොරියාවේ සෝල් අගනුවර එළිමහන් උත්සවයක් අතරතුර ඇතිවූ තෙරපීමකින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 151 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එසේම තවත් පුද්ගලයින් 82ක් පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
දකුණු කොරියාවේ ඊයේ රාත්‍රීයේ සංවිධානය කර තිබූ හැලොවින් සාදයක් අතරතුර මෙම තෙරපීම සිදුව ඇති අතර මියගිය පුද්ගලයින්ගෙන් වැඩිදෙනෙකු යොවුන් වියේ තරුණයින් බව සඳහන්.
අදාළ උත්සවය සඳහා විශාල ජනතාවක් රැස්ව සිට ඇති අතර පටු මන්තීරුවක විශාල පිරිසක් එක්රැස්වීම මෙම අනතුරට හේතුවී ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ.

![]()





