ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව මෙරට ආර්ථිකය යළි නගා සිටුවීම සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් කිරීමට සැලසුම් ක්‍රියාත්මක කරමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ කටයුතු මේ වන විට ඉතා සාර්ථකව සිදුවෙමින් පවතින බවය.
එම කටයුතු අවසන් වීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් ලබා ගැනීමට හැකියාව පවතින බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව රට තුළ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කිරීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් හඳුන්වාදෙන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩදුරටත පැවසීය.




