යාල වනෝද්‍යානයේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට උපදෙස්ලබා දී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.
ඒ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද(26) එක වෙමින්.
ඒ අනුව දේශපාලන බලපෑමකින් තොරව එම විමර්ෂණ සිදු කරන ලෙසටයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ.




