තණමල්විල , බලහරුව ප්‍රදේශයේ පිහිටා තිබූ වෙළඳසැලක ඇති වූ ගෑස් කාන්දුවකින් ගින්නක් හට ගෙන තිබෙනවා.
එම ගින්නෙන් වෙළඳසැල සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
ආහාර ද්‍රව්‍ය අලෙවි කරන එම වෙළඳසැලෙහි එම ආහාර ද්‍රව්‍ය පිස ඉන් පසු ගෑස් උදුන විසන්ධි කර තිබූ අවස්ථාවක මෙම ගිනිගැනීම සිදු වූ බව වෙළඳසැල් හිමි කාන්තාව ප්‍රකාශ කර තිබෙනවා.
ගිනිගැනීම නිසා කිසිවෙකුටත් හානියක් සිදු වී නැහැ




