සුඩාන හමුදා සහ පැරාමිලිටරි කණ්ඩායම් අතර අගනුවර ඇතුළු නගර රැසක පවතින ගැටුම්වලින් 50කට වැඩි පිරිසක් මියගොස් 600 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.
කාර්ටූම් අගනුවර දෙපාර්ශ්වය අතර දරුණු ගැටුම් පවතින අතර ජනාධිපති මන්දිරයේ බලය තමන් අතට පත්ව ඇති බව පැරාමිලිටරි හමුදා පවසයි.
එමෙන්ම ඔවුන් පවසන්නේ, රාජ්‍ය රූපවාහිනී නාලිකාවේ සහ හමුදා මූලස්ථානයේ බලයද, ඩාෆූර් හි හමුදා ගුවන් තොටුපළක බලයද තමන් සතු බවය.
වත්මන් සුඩානයේ පාලන බලය උසුලන්නේ සූඩාන ස්වෛරී කවුන්සිල රජය මගිනි.
දෙවසර සැලැස්මක් යටතේ, රටේ පාලනය සිවිල් රජයක් වෙත පැවරීමට හමුදාව සලකා බලමින් සිටී.
පැරාමිලිටරි කණ්ඩායම් ඊට විරුද්ධ අතර මේ නිවේදනය සැලවීමත් සමග ඔවුන් සටන් ආරම්භ කළේය.




