ගතවූ දිනය තුළ අධිවේගී මාර්ගයේ ආදායම රුපියල් මිලියන 35කට ආසන්න වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් එල්. වී. එස් වීරකෝන් මහතා පැවසුවේ ඊයේ (15) මධ්‍යම රාත්‍රී 12 දක්වා වූ පැය 24ක කාලය තුළ අධිවේගි මාර්ගවලින් පිටවී ඇති රථවාහන සංඛ්‍යාව 126,760ක් වන බවය.
ඒ අනුව, එම කාලය තුළ උපයා ඇති ආදායම රුපියල් 34,974,100ක් බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
සාමාන්‍ය දිනවල රථවාහන 90,000ක් පමණ අධිවේගී මාර්ග භාවිත කරන අතර දෛනික ආදායම රුපියල් මිලියන 25ක් පමණ වන බව සඳහන්ය.
මේ අතර පෙර වර්ෂවල අලුත් අවුරුදු සමයට සාපේක්ෂව මෙම වර්ෂයේ රිය අනතුරුවල අඩුවක් දක්නට ලැබෙන බව ද මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්. වී. එස් වීරකෝන් මහතා පැවසීය.




