මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මාකඳුරේ මධූෂ්ගේ ප්‍රධාන ගෝලයා ලෙස හැඳින්වෙන පුද්ගලයෙකු නවගමුව, නුගගහවත්ත පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ කේරළ ගංජා කිලෝ 12 ක් ඔහු සතුව තිබී සොයා ගත් බවයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සම්බන්ධයෙන් කළ විමර්ශණවලදී අනාවරණය වී ඇත්තේ මොහු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ මාකඳුරේ මධූෂ් නැමති පුද්ගලයා සමග ඩුබායි රාජ්‍යයේ දී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කරන ලද අයෙකු බවටයි.
සැකකරු කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48 ක් වන පුද්ගලයක් බවද පොලිසිය සඳහන් කළා.




