විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 10ක සහභාගිත්වයෙන් නිදහස් ජනතා පෙරමුණ නම් නව දේශපාලන සන්ධානයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
එම සන්ධානයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ ඇතුළු මන්ත්‍රීවරුන් 35 දෙනෙකු එක්වන බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය ඇතුළු දේශපාලන පක්ෂ හා කන්ඩායම් 10ක් පිහිටුවීමට සැලසුම් කර ඇති නිදහස් ජනතා සන්ධානයට අදාළ
සාකච්ඡාවක් ඊයේ පස්වරුවේදී කොළඔදී පැවත් වුණි.
අදාළ සන්ධානය ගැන අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා,
“ඉතාමත්ව ප්‍රබල සංධානයක් හැදෙනවා. ජනතාව වෙනුවෙන්..”
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා,
“ලාංඡනය උඩින් යන්නේ.. හෙලිකොප්ටරය වගේ එකක්.”




