SPORTSදසුන්ගේ සිද්ධිය ගැන ඉන්දීය නායකයා තරගයෙන් පසු කීදේ

දසුන්ගේ සිද්ධිය ගැන ඉන්දීය නායකයා තරගයෙන් පසු කීදේ

-

- Advertisment -spot_img

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 67ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (10) සමත්වූවත් බොහෝ දෙනෙකුගේ වැඩි අවධානයක් යොමුවී තිබුණේ ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ ඉනිම වෙතය.

ඒ ශ්‍රී ලංකා නායක දසුන් ශානක ශතකයක් රැස් කරමින් ක්‍රීඩා කළ අගනා විශ්වසනීය ඉනිම පිළිබඳවය.

මොහොමඩ් ශාමි අවසන් පන්දුවාරයේ සිව්වන පන්දුව යොමුකරන අවස්ථාවේ කසුන් රාජිත පන්දුවට පහරදෙමින් සිටි අතර ලකුණු 98ක් රැස් කරගෙන අනෙක් අන්තයේ සිටි නායක දසුන් ශානකව මන්කාඩ් ක්‍රමයට දවාගැනීමට ගත් උත්සාහය ක්‍රිකට් ක්ෂේත්‍රයේ දැඩි විවේචනයටද ලක්වුණි.

පිටියේ විනිසුරුවරයා එම ඉල්ලීම තුන්වන විනිසුරුට යොමුකළත් නායක රෝහිත් ෂර්මා එම ඉල්ලීම ඉවත් කර ගන්නා බව දැන්වීම හේතුවෙන් දසුන්ට තවදුරටත් පිටියේ රැඳී සිටීමට අවස්ථාව උදාවුණි.

ඒ අවස්ථාවේ ලකුණු 98ක් රැස් කරගෙන සිටි දසුන් අවසන් පන්දුවාරයේ පස්වන පන්දුවට හතරේ පහරක් එල්ල කරමින් සිය එක්දින දිවියේ දෙවන ශතකය සම්පූර්ණ කළේය.

ඉනිමේ අවසන් පන්දුවටත් 06 පහරක් එල්ල කළ දසුන් ශානක ඔහුගේ ඉනිම නිමකළේ පන්දු 88කදී නොදැවී ලකුණු 108ක් රැස් කරමිනි.

මේ අතර දසුන් ශානකව මන්කාඩ් ක්‍රමයට දවාගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඉන්දීය නායකයා තරගයෙන් අනතුරුව මෙලෙස අදහස් පළකර තිබුණි.

“මට ඇත්තටම අදහසක් නෑ ශාමි ඒක කරා කියලා. ඔහු ඒකට ඉල්ලීමකුත් කළා. ඒ වෙලාවේ දසුන් ලකුණු 98ක් රැස් කරගෙන හිටියේ. ඔහු පන්දුවට පහරදුන් විදිය විශිෂ්ටයි. අපිට ඔහුව ඒ විදිහට දවාගන්න බැහැ. නැවත වතාවක් කියනවා.. දසුන් ඉතා හොඳින් පන්දුවට පහරදුන්නා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක් ප්‍රයිම් සහ මෙල්වා වෙතින් Prime Marina Sales Suite වරාය නගරයේදී විවෘත වෙයි

කොළඹ වරාය නගරයේ (Colombo Port City) ‘ප්‍රයිම් මරීනා’ (Prime Marina) නමින් නව ලෝක මට්ටමේ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් හඳුන්වා දී...

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...
- Advertisement -spot_imgspot_img

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you