බස්නාහිර පළාතේ පාසල් 121ක් ආවරණය වන පරිදි ඊයේ(16) දිනයේ සිදුකළ මෙහෙයුමක දී එම පාසල් අවට මත්ද්‍රව්‍ය සහ මත්පෙති අලෙවි කළ පුද්ගලයින් 75 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ හෙරොයින්, අයිස්, මත්පෙති, ගංජා සහ මාවා නැමති මත්ද්‍රව්‍ය සොයාගත් බවයි.




