මැලේසියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වූ අන්වර් ඊබ්‍රහීම් මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් එක් කර තිබෙනවා.
දෙරට අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම තම අභිලාශය බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුරකථනය ඔස්සේ සුබ පැතුම් එක් කිරීමට කතා කළ අවස්ථාවේදී ප්‍රකාශ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
මැලේසියාවේ 10 වන අග්‍රාමාත්‍යවරයා ලෙස අන්වර් ඊබ්‍රහීම් මහතා පසුගිය 24 වනදා පත් කෙරුණා.




