දුම්රිය ප්‍රමාදවීම් වළක්වාගැනීමට අවශ්‍ය නිසි විසඳුම් ලබාදීමට දුම්රිය පාලානාධිකාරිය අපොහොසත් වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.
එහි ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා සඳහන් කළේ, දුම්රිය කාලසටහන් සංශෝධනය කිරීමෙන් පමණක් දුම්රිය ප්‍රමාදයන් වැළැක්විය නොහැකි බවය.
මේ වන විට පවතින දුම්රිය ප්‍රමාදය හේතුවෙන් ලබන පස් වන දින සිට කැලණි වැලි දුම්රිය මාර්ගයේ දුම්රිය කාල සටහන සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, මෙම නව කාලසටහන හදුන්වාදීම මගින් දුම්රිය මගීන්ට සිදුවන අපහසුතාවන් යම්තාක් දුරට වළක්වා ගැනීමට හැකි වනු ඇති බවය.




