මෑතකදී බිත්තර අලෙවිය සඳහා පාලන මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම දෙසැම්බර් මස 14 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.
බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විසින් පෙත්සම ගොනුකර තිබුණා.
එම පෙත්සම අද(30) ප්රසන්ත ද සිල්වා සහ කේ. කේ. ඒ. බී. ස්වර්ණාධිපති යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.




