LOCALපළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමට ජනාධිපතිවරයාගේ සූදානමක්...

පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමට ජනාධිපතිවරයාගේ සූදානමක් තිබෙන බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයි

-

- Advertisment -spot_img

පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමට ජනාධිපතිවරයාගේ සූදානමක් තිබෙන බවට පළවන මාධ්‍ය වාර්තාවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (29) පාර්ලිමේන්තුවේ දැක්වූ ප්‍රතිචාරයක් මාධ්‍ය කිහිපයකින් මෙලෙස අර්ථය විකෘති වන ආකාරයට වාර්තා කර ඇති බව සඳහන්.

නමුත් ඊයේ පැවති පාර්ලිමේන්තු අයවැය විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ පළාත් සභා තුළ දිස්ත්‍රික් සංවර්ධන කමිටු (DDC) පිහිටුවීමට සූදානම් බවයි.

ඒ හැර පළාත් සභා විසුරුවා හැරීමක් පිළිබඳ ජනාධිපතිවරයා කිසිඳු ප්‍රකාශයක් සිදු කර නොමැති බවද සඳහන්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්ථාවරය වන්නේ ගනු ලබන විධායක තීරණ ක්‍රියාත්මක කිරීමේ දී රජය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන අතර නිවැරදි සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමට වේදිකාවක් ලෙස දිස්ත්‍රික් සංවර්ධන කමිටු ක්‍රියාත්මක වනු ඇති බවයි.

ඒ හරහා සංවර්ධන ක්‍රියාවලිය විධිමත්ව සිදුකිරීමට අවස්ථාව හිමිවන අතර මූල්‍ය හානි හා ප්‍රමාදයන් ද වළක්වා ගැනීමට අවස්ථාව හිමි වනු ඇති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක් ප්‍රයිම් සහ මෙල්වා වෙතින් Prime Marina Sales Suite වරාය නගරයේදී විවෘත වෙයි

කොළඹ වරාය නගරයේ (Colombo Port City) ‘ප්‍රයිම් මරීනා’ (Prime Marina) නමින් නව ලෝක මට්ටමේ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් හඳුන්වා දී...

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...
- Advertisement -spot_imgspot_img

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you