යළිත් වරක් මෙරට ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, පසුගිය සතිය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම සියයට 18කින් පමණ ඉහළ ගොස් ඇති බවය.
පසුගිය සතියේ ඩෙංගු රෝගීන් 1,114 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඊට පෙර සතිය තුළ වාර්තා වී තිබුණේ ඩෙංගු රෝගීන් 943 දෙනෙකු පමණය.
ඒ අනුව මේ වසරේ ගත වු කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 63,549 දෙනෙකු හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.




