ආහාර ලබාගැනීමේ අපහසුතාවයකින් පෙළෙන කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 18ක සිසුන් 4,175කට නොවැම්බර් 01 සිට දිවා ආහාරය ලබා දීම ආරම්භ කර ඇති බැවින් එය ජනවාරි පළමුවනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද(11) පාර්ලිමේන්තුවේදීයි.
එසේම මේ වනවිටත් චීනයෙන් ලද සහල් ටොන් 5ක ආහාර සිසුන්ට ලබා දී ඇති බවත්, තවත් සහල් ටොන් 5ක් ලැබීමට නියමිතව ඇති බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළා.




