පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ කිසිදු ප්‍රකාශයක් රූපවාහිනි මාධ්‍යයේ විකාශය නොකිරීමට පාකිස්තාන විද්‍යුත් මාධ්‍ය නියාමන ආයතනය තීරණය කර තිබේ.
ඒ ඔහුගේ ප්‍රකාශ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට පවසමිනි.
යම් විද්‍යුත් මාධ්‍ය ආයතනයක් එය නොතකා ඉම්රාන් ඛාන්ගේ ප්‍රකාශ විකාශය කළහොත් අදාළ මාධ්‍ය ආයතනයේ විකාශන අයිතිය අවලංගු කිරීමටත් එමගින් තීරණය කර ඇත.
පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සාහසික වෙඩි ප්‍රහාරයකට ලක්වුණේ පසුගිය සිකුරාදා පැවැති රැලියක් අතරතුරය.
වෙඩි තැබීම වත්මන් අගමැති ෂෙබාස් ෂරීෆ් ගේ අනුදැනුම මත සිදුවූ බවට ඉම්රාන් ඛාන් ඊයේ (05) රෝහලේ සිට චෝදනා කළේය.




