වරකාපොළ ප්රදේශයේ නිවසකට ඊයේ(14) පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් අතුරුදන් වූ දෙදෙනාගෙන් මවගේ සිරුර සොයාගෙන තිබෙනවා.
ඒ අද(15) අළුයම 04.30ට පමණයි.
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් අගුරුවැල්ල වරකාපොල මාර්ගයේ කොස්වත්ත හන්දිය ආසන්නයේ තුඹලියද්ද ප්රදේශයේ පස්කන්දක් කඩාවැටීම හේතුවෙනුයි මෙම අනතුර සිදු වුණේ.
8 වන සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ප්රදේශවාසීන්ගේ සහය ද ඇතිව මුදාගැනීමේ කටයුතු ඊයේ සිට ආරම්භ කළ අතර පවුලේ පියා බේරාගෙන රෝහල් ගත කෙරුණා.
මව සහ පුත්රයා සොයා ඊයේ සිට මෙහෙයුම් ක්රියාත්මක කෙරුණු අතර ඒ අනුවයි අද අළුයම මවගේ සිරුර සොයාගෙන තිබුණේ.
පුත්රයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්රියාත්මකයි.
මුදාගත් පියා වරකාපොල රෝහලේ ප්රතිකාර ලබනවා.
මෙම පස් කන්දට යටවූ පිරිස 04ක් බවට ඊයේ දින වාර්තා වූ නමුත් දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව පස් කන්ද කඩා වැටෙන අවස්ථාවේ එම නිවසේ සිට ඇත්තේ 03න දෙනෙකු (මව පියා සහ පුත්රයා) පමණයි.




