මෙරට මන්ද පෝෂණය පසුගිය වසරට සාපේක්ෂව සියයට 2කින් වැඩිවී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
අද (12) කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
පවතින ආර්ථික අර්බුදය හමුවේ දරුවන්ගේ පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් උද්ගතවී ඇති බවට පසුගිය දිනවල වාර්තා රැසක් පළවුණි.




