මොරටුව අඟුලානේ උත්සව ශාලාවක පැවැති මංගල උත්සවයක් අතරතුර බාලවයස්කාර මනමාලියක් සහ තරුණ මනමාලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා
ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් 1929 හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි පොලිසිය කියා සිටියේ
පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මනාලියට වයස අවුරුදු 15යි මාස 6ක් බව සහ මනමාලයා ට අවුරුදු 19ක් බවයි.
බාල වයස්කාර දැරිය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර ඇති බව ද පොලීසිය ප්‍රකාශ කළා




