පූර්ව කොමිෂන් සභා හා කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාමාජිකයින් මඩකලපුව දිස්ත්‍රික්කයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් හමුවීමට නියමිතව තිබේ.
ඒ අනුව මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ලබන 21 වනදා සිට 23 වනදා දක්වා එම හමුව පැවැත්වීමට නියමිත බව ජනාධිපති කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසුවේය.
මඩකලපුව දිස්ත්‍රික්කයේ යුද සමයේ අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන් හමුවී මීට පෙර පැවති කොමිෂන් සභා සහ කමිටු මඟින් ඔවුන්ගේ ගැටලුවලට ලැබුණු විසඳුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම එහි අරමුණ වී තිබේ.




