ශ්‍රී ලාංකීය වෙබ් අඩවි ප්රවෘත්ති වාර්තාකරණයේ නව සංධිස්ථානයක් වාර්තා කරමින් වගකීම සහ විශ්වාසය රැගත් ජේ.එම්. මීඩියා නිවුස් හී සිංහල මාධ්‍ය වෙබ් අඩවිය 2022 ඔක්තෝම්බර් මස පළමු වන දා සිට සයිබර් අවකාශයට මුසු කළ වගයි.
ඒ අනුව ප්රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා බවට පත් වෙමින් වගකීම සහ විශ්වාසය රැගෙන අද පටන් සෑම අවස්ථාවක ම ශ්‍රී ලංකාවෙ පමනක් නොව ලෝකයෙ ද නන් දෙසින් වාර්තා වන දෙස් විදෙස් ක්‍රීඩා, ප්‍රාදේශීය, දේශපාලන, සාමාජීය,සංස්කෘතික සහ ආර්ථික ඇතුලු සියලුම තොරතුරු ඔබට ප්‍රථමයෙන් වාර්තා කිරීමට අප සුදානම්.
දිනෙන් දින තරගයක් බවට පත්වන මාධ්‍යකරනයේ අපද තවත් තරගකරුවකු නොවී ප්රවෘත්ති ඉවෙන් ඉන්නාවූ ජනතාවට නිවැරැදිව ප්රවෘත්ති වාර්තා කිරීමට සුදානමින් සිටින පසුබිමක අපගේ ප්රමුඛ පරමාර්ථය වන්නේ ගුණාත්මක භාවයෙන් යුත් ප්රවෘත්ති වාර්තාකරනයේ නියැලීමයි.
ඒ අනුව ප්රවෘත්ති සොයන්නා වූ ඔබට නිවැරැදි පුවත් එසැණින් වාර්තා කරන්නටත් වගකීම සහ විශ්වාසයෙන් යුත් ප්රවෘත්ති නිවැරැදිව ඒ ආකාරයෙන්ම වාර්තා කිරීමට අද සිට අප සුදානමින් සිටිමු.




