හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා එම නියෝග ලබා දී තිබේ.
ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉනෝකා පෙරේරා මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයාට වන්දනා ගමනක් සඳහා ඉන්දියාවට යාමට අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම මේ මස 23 වනදා සිට 29 වනදා තෙක් අත්හිටුවන ලෙස ඉල්ලා සිටියාය.




