ගණිත විෂයට අදාළව ගුරු භවතුන්ට පැන නගින ගැටලු පහසුවෙන් හා ඉක්මනින් විසඳා ගැනීමට අවකාශ සැලසෙන ක්‍රමවේදයක් ලෙස ප්‍රථම වෙබ් පෝටලය මෙටා හබ්’ (MetalHub – Mathematics Education Teacher Awareness Hub) නමින් අධ්‍යාපන අමාත්‍යාංගය එළි දක්වා තිබෙනවා.
ඊට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පසුගිය දා අධ්‍යාපන ලේකම් එම්. එන්. රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදු කෙරුණු අතර http://www.meta-hub.org.lk වෙබ් ලිපිනය ඔස්සේ ගුරුවරුන්ට මෙම වෙබ් පෝටලයට පිවිස ලියාපදිංචි වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටිනවා.




