බිත්තර තොග සඟවන පුද්ගලයින්ට එරෙහිව කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.
රට තුළ කිසිදු බිත්තර හිඟයක් නොමැති අතර ඇතැම් පුද්ගලයින් කෘතිම බිත්තර හිඟයක් මවාපෑමට උත්සහ කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
පාලන මිලට වැඩියෙන් බිත්තර අලෙවි කරන වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය දින කිහිපය තුළ වැටලීම් සිදුකළ අතර එහිදී වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන් කිහිපදෙනෙකු අධිකරණ හමුවට පමුණුවා දඩ නියම කිරීමට ද පියවර ගෙන තිබුණි.




