මෙවර පන්දුවාර 20යි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාකිස්තාන සහ එංගලන්ත කණ්ඩායම් අතර අද (13) මෙල්බර්න් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 01.30ට ආරම්භ වීමට නියමිතය.
කෙසේවෙතත් අද දිනයේ මෙල්බර්න් නුවරට වැසි ඇතිවීමේ සම්භාවිතාව 100% ප්‍රතිශතයක පවතින බව ඔස්ට්‍රේලියානු කාලගුණික වාර්තාවල දැක්වේ.
අවසන් මහා තරගයට අද දිනයේ වර්ෂාවෙන් බාධා එල්ලවුවහොත් හෙට දිනය අතිරේක දිනයක් ලෙස නම් කර ඇති අතර එදින ද වර්ෂාව ඇතිවීමේ සම්භාවිතාව ඉහළ ප්‍රතිශතයක පවතින බව සඳහන් වේ.




