ව්‍යාජ ලියකියවිලි මගින් විදේශිකයින්ට සහ අපරාධකරුවන්ට විදෙස් ගමන් බලපත්‍ර සකස් කරදීමේ ජාවාරමක නිරත වූ ශ්‍රී ලාංකිකයින් ඇතුළු පුද්ගලයින් නව දෙනෙකු ඉන්දියාවේ බැංග්ලෝර්හීදි අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර ශ්‍රී ලාංකිකයින් පස් දෙනෙකු ද සිටින බවය.
බැංග්ලෝර්හි බසවනගුඩි පොලීසියට ලැබුණු තොරතුවලට අනුව සිදුකළ මෙහෙයුමකින් පසුව මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.




