ලෝක කොවිඩ් ව්‍යසනයෙන් පසු අධ්‍යාපනයේ පරිවර්තනයකට ගමන් කළ යුතු වූ යුනෙස්කෝ සම්මුතීන්වලට අදාළ වන පරිදි 2023 වර්ෂයේ සිට මෙරට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කඩිනමින් අධ්‍යාපන පරිවර්තනයක් දක්වා පුළුල් කළ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා
එම අවස්ථාවේදී අමාත්‍යවරයා පළ කල අදහස් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පහතින් කියවිය හැකියි.





