පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පසුගියදා සම්මත වූ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (31) අත්සන් තබා තිබෙනවා
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 2022 අගෝස්තු 10 වන දින අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා
පසුව ඊට එරෙහිව පෙත්සම්වලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සංශෝධන සිදුකොට අනුමතිය ලබාගැනීම සිදු වුණා
පසුගිය ඔක්තොබර් 20 සහ 21 යන දෙදින විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්වුණු අතර
දෙවනවර කියැවීම අවසානයේ පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 179 ක් ලැබුණා
විපක්ෂව ලැබුණේ ඡන්ද 1ක් පමණයි .
ඉන් අනතුරුව කාරක සභා අවස්ථාවේදී සංශෝධන එක්වීමෙන් අනතුරුව පනත් කෙටුම්පත තෙවනවර කියවීම සඳහා පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 174 ක් ද විපක්ෂව එක් ඡන්දයක්ද හිමිවුණා
ඒ අනුව විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විසි එක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස අද (31) සිට බලාත්මක වනු ඇති




