ලෝකයේ ඕනෑම රටක සිසුන්ට අධ්‍යයන කටයුතුවල නිරතවීමට හැකි වන ආකාරයෙන් දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා (Masatsugu Asakawa) මහතා අතර හමුවක් අද (30) පෙරවරුවේ මැනිලා නුවර ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මේ පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා
මෙම හමුවේ වැඩිදුර තොරතුරු ඇතුළත් ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙනවා




