FORIGNකාසියට ගිය චාල්ස්

කාසියට ගිය චාල්ස්

-

- Advertisment -spot_img

චාල්ස් රජුගේ රුව සහිත නව කාසි එළිදැක්වීමට සැළසුම් කර ඇති අතර ඒ අනුව ඔහුගේ රුව රැගත් පැන්ස 50ක කාසියක් සති කිහිපයකින් සාමාන්‍ය සංසරණය සඳහා ජනතාව අතරට පැමිණෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

බ්‍රිතාන්‍ය ශිල්පීයෙකු වන මාටින් ජෙනින්ග්ස් විසින් චාල්ස් රජුගේ රූපයක් ඇතුළත් පැන්ස 50ක සහ පවුම් 5ක කාසි දෙක නිර්මාණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ශතවර්ෂ ගණනාවක සම්ප්‍රදාය අනුගමනය කරමින් චාල්ස් රජතුමාගේ රුව වමට මුහුණලා කාසියේ දැක්වෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෙම කාසි ලබන සතියේ මුල සිට The Royal Mint විසින් නිකුත් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

පැන්ස 50 කාසිය වසර අවසානයට පෙර භාවිතය සඳහා ගැනීමට හැකි අතර, බැංකු, සහ තැපැල් කාර්යාල මගින් ඉල්ලුමට අනුව බෙදා හරිනු ලබන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

The Royal Mint හි ප්‍රධාන විධායක ඈන් ජෙසොප් පවසා තිබෙන්නේ මෙම කාසි සාමාන්‍යයෙන් වසර 20 ක් පමණ පවතින බැවින් එළිසබෙත් රැජින සහ චාල්ස් රජු යන දෙදෙනාගේම කාසි ඉදිරි වසර ගණනාවක් එකට සංසරණය වනු ඇති බවයි.

නව පවුම් 5 කාසියේ පිටුපසින් රැජිනගේ නව පින්තූර දෙකක් පෙන්වන අත‍ර එහි දිගුකාලීන රාජ්‍ය නායකයෙකු දක්වා වූ ඇයගේ ගමන සටහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

පැන්ස 50 කාසියේ, පිටුපස ඇත්තේ රැජිනගේ රාජාභිෂේකය සැමරීම සඳහා 1953දී ඔටුන්න මත භාවිතා කරන ලද මෝස්තරයේ පිටපතක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක් ප්‍රයිම් සහ මෙල්වා වෙතින් Prime Marina Sales Suite වරාය නගරයේදී විවෘත වෙයි

කොළඹ වරාය නගරයේ (Colombo Port City) ‘ප්‍රයිම් මරීනා’ (Prime Marina) නමින් නව ලෝක මට්ටමේ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් හඳුන්වා දී...

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...
- Advertisement -spot_imgspot_img

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you