දිවයිනට ඇදහැලෙන අධික වැසි තත්ත්වය හේතුවෙන් තවදුරටත් ගංගාවල පහළ ප්‍රදේශවලදී සුළු වශයෙන් ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්යක්ෂ ඉංජිනේරු එස්. පී. සී. සුගීශ්වර මහතා පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් ජනතාව තවදුරටත් දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවය.
අත්තනගලු ඔය, කැලණි ගඟ, කළු ගඟ, නිල්වලා ගඟ සහ ඒ ආශ්රිත අතු ගංගාවලත් (බෙන්තර, පොල්අතුමෝදර) පවතින ගංවතුර තත්ත්වයන් ක්ෂණිකවම වර්ධනය විය හැකි බවද ඔහු පෙන්වා දෙයි.




