ශ්‍රීලන්කන් ගුවන්සේවයේ ගුවන් ගමන් දෙකක් අවලංගු වීම හේතුවෙන් මගීන් දුෂ්කරතාවට පත්ව තිබේ.
කාර්මික දෝෂයන්ට ලක්වීම හේතුවෙන් නේපාලයේ කත්මන්ඩු සහ ඉන්දියාවේ මුම්බායි බලා පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන් ගමන් දෙකක් මෙලෙස අවලංගු වී ඇති බව වාර්තා වේ.
මගීන් 200 දෙනෙකු රැගෙන නේපාලයේ කත්මන්ඩු බලා අද (01) පෙරවරු 8.20ට පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL 181 ගුවන් යානය පැය කිහිපයක් ප්‍රමාද වී තිබූ අතර පසුව ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්ව ඇති බවට දැනුම් දී තිබූ බව සඳහන්ය.
කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් අවලංගු කළ අනෙක් ගුවන් යානය ද අද පෙරවරුවේ මුම්බායි බලා පිටත්ව යාමට නියමිතව තිබූ බව වාර්තා වේ.
ගුවන් ගමන් අවලංගු වීම හේතුවෙන් මගීන් හෝටල් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු පැවසුවේය.




