තුර්කියේ අෆ්සින් ප්‍රදේශයේ භූකම්පනයක් හටගෙන තිබේ.
රිච්ටර් මාපකයේ ඒකකයේ ඒකක 4.0ක ප්‍රබලත්වයක් සටහන් කරමින් එම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එය අෆ්සින් ප්‍රදේශයේ කිලෝමීටර් 10ක පමණ ගැඹුරක හටගෙන ඇති අතර නගර රැසකට දැනී ඇති අතර ඇතැම් ජනතාව නිවෙස් අතහැර ආරක්ෂිත ස්ථාන වෙත යොමුව ඇති බව සඳහන්ය.
කෙසේවෙතත් ඉන් සිදුවු ජිවිත හෝ දේපළ හානි සම්බන්ධ තොරතුරු මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.




