පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සිදුවූ පිහි ඇනුමකින් තුවාල ලැබූ පියෙකු සහ පුත්රයෙකු රෝහල්ගතකර තිබේ.
අදාළ සිදුවීම වාර්තා වන්නේ කටුපොත, දෙබරේ වැව ප්රදේශයෙනි.
මේ අතර එහිදී පිහි ඇනුම සිදුකර ඇති පුද්ගලයාද තුවාල සිදුව රෝහල්ගතකර ඇති අතර එහිදීද දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.
පිහි ඇනුම සිදුව ඇත්තේ කටුපොත මත්පැන් අලෙවිසැල ඉදිරිපිට දීය.
සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර කටුපොත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.




