LOCALඅවුරුදු සමයේ වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

අවුරුදු සමයේ වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

-

- Advertisment -spot_img

අවුරුදු සමයේ සිදුකරන ක්‍රියාකාරකම්වලින් සිදුවිය හැකි හානි අවම කරගැනීම සඳහා ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බව අක්ෂි ශෛල්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

එහි සභාපති අක්ෂි ශෛල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටින්නේ ගිනිකෙළි භාවිතය සඳහා කුඩා දරුවන්ට ඉඩ ලබා නොදෙන ලෙසය.

“වෙනදා අපි දැක්කා රතිඤ්ඤා සහ ගිනිකෙළිවලින් සිදුවන අනතුරු. මේ අවුරුදු දෙක තුන තුළ අපි දැක්කා වෙනත් අනතුරුවලත් ප්‍රවණතාවයක්. ප්‍රධාන වශයෙන් රිය අනතුරුවල වැඩිවීම නිසා සිදුවන අනතුරු, ඊට අමතරව ගෘහස්ත කටයුතු. ඒ කියන්නේ, ගෙදර සිදුවන ඉතාම සුළු දේවල්. උදාහණයක් වශයෙන් තණකොළ කපන යන්ත්‍ර නිසා සිදුවන හානි. අවුරුද්දට අපි ලෑස්ති වෙනවා. අපි ගෙදර අලුත්වැඩියා කටයුතු කරනවා පුරුදු නැති පුද්ගලයින්. ඇණයක් ගැසීමෙන් සිදුවන අනතුරු වගේ දේවලුත් අපි බහුලව දැක්කා. ඊට අමතරව කලකෝලහල, මද්‍යසාර නිසා සිදුවන අනතුරු ප්‍රමාණයකුත් අපි යම්තාක් දුරට දැක්කා. ගිනිකෙළි සහ බොහෝ අනතුරුවලට ලක්වන්නේ කුඩා දරුවන්, පිරිමි දරුවන් ඊට අමතරව තරුණයින්. මේ අනතුරුවලින් ඇසට සිදුවන අනතුරු වැඩියි. බොහෝ අවස්ථාවලදී අන්ධභාවයට පත්වීම සිදුවෙනවා. එහෙම නැත්නම් ස්ථීර වශයෙන්ම පෙනුම අඩුවෙනවා. ගිනිකෙළි නිසා අනතුරු නිසා අපි දකිනවා 46%ක් වගේ අත් හා ඇඟිලිවලට සිදුවන හානි, 17%ක් වගේ මුහුණට සිදුවන හානි සහ 17%ක් ඇස්වලට හානි වෙනවා. විශේෂයෙන් මුහුණ පිළිස්සෙනවා. අහේ කළු ඉඟිරියාව වගේ හානි වෙනවා. ඊට අමතරව කම්පන තරංග නිසා ඇහේ අභ්‍යන්තරයට හානි සිදුවෙනවා. ඇහැ පිපිරීමකට ලක්වෙන්න පුළුවන්. එකම දේ නොසැලකිල්ල, දෙවැනි දේ තමයි අනවශ්‍ය අවධානමක් ගැනීම, තුන්වැනි දේ තමා නොදැනුවත්කම. අනිවාර්යයෙන්ම දරුවන්ට ගිනිකෙළි භාවිත කිරීමට ඉඩදෙන්න එපා. වැඩිහිටි ඔබේ ජීවිතයට නිවැරදි කළ නොහැකි කැළැලක් ඉතිරිවෙන්න පුළුවන් මේ අවුරුදු සමයේ සිදුකරන සුළු ක්‍රියාවකින්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක් ප්‍රයිම් සහ මෙල්වා වෙතින් Prime Marina Sales Suite වරාය නගරයේදී විවෘත වෙයි

කොළඹ වරාය නගරයේ (Colombo Port City) ‘ප්‍රයිම් මරීනා’ (Prime Marina) නමින් නව ලෝක මට්ටමේ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් හඳුන්වා දී...

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...
- Advertisement -spot_imgspot_img

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you