මාවනැල්ල සාහිරා විද්‍යාලය සිය සියවස් සැමරුම අති උත්කර්ෂවත් අන්දමින් පසුගියදා සමරනු ලැබුවා.
විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් විසින් “ZAHIRA WALK” නමින් පාගමනක් 11.12.2022 දින සංවිධානය කර තිබුණා.
මෙම පාගමන කි.මි 3.75ක දුරක් තිබුණු අතර පාසලේ ගරු විදුහල්පති, ගුරුවරුන්, පාසල් ළමුන් සහා ආදි ශිෂ්‍යයන් සහභාගි වුණා.
මෙහිදී 83rd Batch (2016 A/L) ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් මෙතෙක් තිබූ වාර්තා බිඳදමමින් පාසල් ඉතිහාසයේ දිගම පාසල් ධජය මෙම පාගමන සඳහා පිරිනමනු ලැබුවා.
මෙම පාසල් ධජය මීටර් 244ක් දිගින් යුතු අතර පාසල් ළමුන් 150ක පමණ සහභාගිත්වයෙන් පාගමනේදි මෙම ධජය ඉතා අභිමානවත්ව ඔසවාගෙන යෑම මෙහි විශේෂත්වයකි.
-ආෂික් ෆර්හාද්-









