ශ්‍රී ලංකාවට බලපෑ වායු ගෝලයේ දූෂණ මට්ටම අද (11) පහළ ගොස් තිබේ.
ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය අද (11) පෙරවරුවේ නිකුත් කළ දත්තවලට අනුව මෙරට වායු දූෂණ මට්ටම ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේදි පහළ ගොස් ඇති බව දක්නට ලැබේ.
අද උදෑසන 8 වන විට කොළඹ දිස්ත්‍රික්කයේ වායු දුෂණ අගය 123 ක් දක්වා පහළ යාමත් සමග එය යහපත් මට්ටමට වර්ධනය වී ඇත.
ඊයේ එහි අගය දැක්වුණේ 191 ක් ලෙසය.
එමෙන්ම පුත්තලම 117, යාපනය 109, මහනුවර 106, පොළොන්නරුව 103, කුරුණෑගල 100, කෑගල්ල 97 ලෙස එම අගය දැක්වේ.
එමෙන්ම ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය පැවසුවේ 101 – 150 මට්ටම සංවේදී කණ්ඩායම් සඳහා සෞඛ්‍යයට අහිතකර බවය.




