LOCALඅනියත බිය ලුණු හිඟයට හේතුවක්

අනියත බිය ලුණු හිඟයට හේතුවක්

-

- Advertisment -spot_img

ලුණු හිඟයක් ගැන පාරිභෝගිකයා තුළ ඇති අනියත බිය හේතුවෙන් ඔවුන් වැඩි වැඩියෙන් මිලදී ලුණු හිඟයට හේතු වී ඇති බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩී. නන්දනතිලක මහතා පවසයි.

ඔහු පවසන්නේ ජනතාව ලුණු පැකට් 10 – 12 රැගෙන ගොස් මාස 5කට 6කට ඇතිවෙන්න ලුණු රැසකර ඇති බවයි.

තවදුරටත් අදහස් දැක්වූ නන්දනතිලක මහතා,

“වෙළෙඳපොළට අපි ලුණු නිකුත්කරගෙන යනවා. අද රටේ ලුණු හිඟයක් ගැන කථා කරනවා. මේකෙන් පාරිභෝගිකයන්ට අනියත බියක් ඇතිවෙලා තියෙනවා ලුණු හිඟවෙයි කියලා. 

ඒ නිසා හැමකෙනාම පෙළබිලා ඉන්නවා වෙළෙඳපොළේ තියෙන ලුණු වැඩි වැඩියෙන් මිලදී ගන්න. පැකට් 10 – 12 ගෙනිහින් ගෙදර ගබඩා කරගෙන තියෙනවා මාස 5කG 6කට ඇතිවෙන්න. මේ නිසා තමයි මේ ලුණු හිඟයක් ඇතිවෙලා තියෙන්නේ” යැයි පැවසීය.

ලුණු හිඟය සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසා සිටියේ, එළැඹෙන සඳුදා පමණ වනවිට ලුණු ආනයනය කර ලුණු හිඟය අවමකිරීමට පියවර ගන්නා  බවයි.

“මිනිස්සු දවසට ලුණු කන්නේ ගෑම් 5යි 7යි අතර. මේ ටික ගත්තත් මෙට්‍රික් ටොන් 500 කියන ප්‍රමාණය සපයන්න බැරි රටක් නෙමෙයි අපේ රට. 

සඳුදා, බදදා වෙනකොට රට තුළ ප්‍රමාණවත් තොග ගෙනල්ලා වෙළෙඳපොළට දාන්න අවසර දීලා තියෙනවා” යැයි පැවසීය.

වෙළෙඳපොළ තුළ ඇති ලුණු හිඟයට පිළියමක් ලෙස රජය විසින් එළඹෙන ජුනි 10වනදා දක්වා මෙරටට ලුණු ආනයනය සඳහා මේ වනවිට කැබිනට් අනුමැතිය ලබා දි තිබේ.

වසර 15කට පසුව පළමුවරට ඉකුත් වසරේ දෙසැම්බර් මසදීද ලුණු ආනයනය කළේය.

ඒ අනුව මාස 6ක පමණ කාලයක් තුළ ලුණු ආනයනය කෙරෙන දෙවැනි වතාව මෙය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක් ප්‍රයිම් සහ මෙල්වා වෙතින් Prime Marina Sales Suite වරාය නගරයේදී විවෘත වෙයි

කොළඹ වරාය නගරයේ (Colombo Port City) ‘ප්‍රයිම් මරීනා’ (Prime Marina) නමින් නව ලෝක මට්ටමේ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් හඳුන්වා දී...

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...
- Advertisement -spot_imgspot_img

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you