මඩකලපුවට ඊසාන දිග මුහුදු ප්‍රදේශයේ භූකම්පනයක් හටගෙන තිබේ.
අද අලුයම 1.29ට පමණ මෙම භූකම්පනය හටගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කළේය.
එය රික්ටර් මාපකයේ ඒකක 4.65ක ප්‍රබලත්වයක් ගෙන තිබේ.
කෙසේවෙතත් මේ භූකම්පනය හේතුවෙන් මෙරටට කිසිදු අවදානමක් නොමැති බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කළේය.




