LOCALනව ත්‍රස්ත විරෝධී පනතට ජනතා අදහස් විමසයි

නව ත්‍රස්ත විරෝධී පනතට ජනතා අදහස් විමසයි

-

- Advertisment -spot_img

නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් යෝජනා සහ අදහස් ලබාගැනීමට අධිකරණ අමාත්‍යංශය තීරණය කර තිබේ.

දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන ඇතුළු ඕනෑම් පුද්ගලයෙකුට ඒ සඳහා අවස්ථාව හිමිවන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

මැයි මස 30 වන දින දක්වා ඒ සඳහා කාලය ලබාදෙන අතර සිය යෝජනා අධිකරණ අමාත්‍යංශය වෙත ඉදිරිපත් කළ හැකි වේ.

එම යෝජනා සියල්ල සැලකිල්ලට ගනිමින් නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව ඉදිරි කටයුතු තීරණය කරන අතර ඊට පෙර සාකච්ඡා වට කිහිපයක් ද පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

සියලුදෙනාට පිළිගත හැකි ආකාරයට නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

රජය විසින් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පසුගිය දා ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළ අතර ඊට ඇතැම් පාර්ශවවල විරෝධතා එල්ල වුණි.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තාවකාලිකව නතර කිරීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පියවර ගනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...
- Advertisement -spot_imgspot_img

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

ඩෙංගු සහ චිකුන්ගුන්යා වැඩිම බස්නාහිරින්

පවතින වැසි තත්ත්වයත් සමග පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රොගී තත්ත්වයන් වැඩි වශයෙන් පැතිර යාම බස්නාහිර පළාත තුළ වාර්තා...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you