LOCALවිදේශගත ශ්‍රමිකයින්ට ලබාදෙන තීරු බදු සහනය ඉහළට

විදේශගත ශ්‍රමිකයින්ට ලබාදෙන තීරු බදු සහනය ඉහළට

-

- Advertisment -spot_img

විදේශගත ශ්‍රමිකයින් නැවත ලංකාවට පැමිණීමේදී ගුවන්තොටුපොළේදී ලබාදෙන තීරු බදු සහනය මැයි 1 වනදා සිට ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ඒ සඳහා වන චක්‍රලේඛය නිකුත් කර ඇති බවය.

ගුවන්තොටුපොළේ දී මේ වන විට ලබාදෙන තීරුබදු සහනට අමතර විශේෂ තීරු බදු සහන විදේශ ගත ශ්‍රමිකයින්ට ලබාදෙන ලෙසට වන කැබිනට් පත්‍රිකාවක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර එයට කැබිනට් අනුමැතිය හිමිවුණි.

ඒ අනුව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් එම චක්‍රෙල්ඛය නිකුත් කර තිබේ.

එම චක්‍රෙල්ඛය අනුව නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මෙරටට මුදල් එවන විදේශ ගත ශ්‍රමිකයින් ඉහළ නැංවූ තීරු බදු සහනය ලබාගැනීමට සුදුසුකම් ලබයි.

පසුගිය වසරේ මැයි පළමු වැනිදා සිට බැංකු ක්‍රමය හරහා එවනු ලැබූ මුදල් ප්‍රමාණය මේ සඳහා සැලකිල්ලට ගනු ලබන අතර කාණ්ඩ පහක් යටතේ මෙම සහනය ලබාදේ.

ඇමරිකානු ඩොලර් 2400 – 4799 අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 600 ක්ද, ඩොලර් 4800 – 7199 අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 960 ක සහනයක්ද ලබාගැනීමට හැකිවේ.

ඩොලර් 7,200 –  11,999 අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 1,440ක අතිරේක තීරු බදු සහනයක් හිමිවේ.

ඩොලර් 12,000 – 23,999 අතර මුදල් ප්‍රමාණයක් එවා ඇති විදේශ ගත ශ්‍රමිකයින්ට ඩොලර් 2,400 ක සහනයක් ලබාගැනීමට හැකිය.

ඩොලර් 24,000 ක් හෝ ඊට වැඩි මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 4,800 ක අතිරේක තීරු බදු සහනයක් ලබාගැනීමට හැකිය.

ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“විදේශ ගත ශ්‍රමිකයින්ට තීරු බදු සහන ලබාදීමටත් අපි කටයුතු කරනු ලැබුවා. ඒ අනුව විදේශ ගත ශ්‍රමිකයින්ට ගුවන්තොටුපොළේ දී හිමිවන තීරු බදු සහනය ඉහළ නැංවීම සදහා වන චක්‍රෙල්ඛය ඊයේ දිනයේදී නිකුත් කරනු ලැබුවා. ඒ අනුව විදේශගත ශ්‍රමිකයින්ට ගුවන්තොටුපොළේ දී තීරු බදු සහනය ඉහළ නැංවීම මැයි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වෙනවා. මහ බැංකුව හරහා ක්‍රියාත්මක වන ඇප් එකක් හරහා ඒ පහසුකම් ලබාගැනීමේ හැකියාව පවතිනවා. මෙම ඇප් එක හරහා ලියාපදිංචිවීම මගින් තමන් රටට එවන ඩොලර් ප්‍රමාණය මත පදනම්වෙලා තීරු බදු සහන ලබාගැනීමට හැකියාව තිබෙනවා.

ඒ වගේම විදේශ ගත ශ්‍රමිකයින් සඳහා අඩු පොලී ණය ක්‍රමයක් හදුන්වාදීමට පසුගිය සතියේදී කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගත්තා. ඒ අනුව විදේශ ගත ශ්‍රමිකයින්ට රුපියල් මිලියන දෙකක් දක්වා වන ණය පහසුකම් ලබාගත හැකියි. ඒ වගේම විදේශ රැකියාවල නිරතවෙලා ඉදලා නැවත මේ රටට ආපු ශ්‍රමිකයින්ටත් ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් මේ හරහාම ක්‍රියාත්ක කරන්න කියලා ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට තමන්ගේ නිරීක්ෂණ ඉදිරිපත් කරමින් දැනුම් දුන්නා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක් ප්‍රයිම් සහ මෙල්වා වෙතින් Prime Marina Sales Suite වරාය නගරයේදී විවෘත වෙයි

කොළඹ වරාය නගරයේ (Colombo Port City) ‘ප්‍රයිම් මරීනා’ (Prime Marina) නමින් නව ලෝක මට්ටමේ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් හඳුන්වා දී...

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...
- Advertisement -spot_imgspot_img

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you