පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ පිපාසය දැනෙනතුරු නොසිට පැයකට වරක් හෝ ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙස සෞඛ්‍ය අංශ නැවතත් උපදෙස් ලබාදෙයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කළේ, මෙම කාලය තුළ පාසල් මට්ටමින් පවත්වන ක්‍රීඩා වැඩසටහන් සඳහා සහභාගී වන සෑම දරුවෙකුගේම වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කළ යුතු බවය.
දිස්ත්‍රික්ක රැසකම තවමත් උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතී
බොහෝ දිස්ත්‍රික්කවල වායුගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ත් 36ත් අතර අගයක පවතින අතර සෞඛ්‍ය අංශ පවසන්නේ මිනිස් සිරුරට ඊට වැඩි උෂ්ණත්වයක් දැනෙන බවය.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ශරීරයට දැනෙන උණුසුම් තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවය.
මේ අතර පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ වැඩි වශයෙන් ජලය පානය කරන ලෙස සෞඛ්‍ය අංශ පසුගිය දින කිහිපය පුරාම ජනතාව දැනුවත් කළේය.




