LOCALදෙමුහුන් සූර්යග්‍රහණයක්

දෙමුහුන් සූර්යග්‍රහණයක්

-

- Advertisment -spot_img

2023 අප්‍රේල් 20 වැනි දින සූර්යග්‍රහණයක් සිදුවන අතර එය දෙමුහුන් සූර්යග්‍රහණයක් ලෙස හඳුන්වනු ලබන බව කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.

එයට හේතුව එකම සූර්ය ග්‍රහණය තුළ එය පූර්ණ සූර්යග්‍රහණයක සිට වළයාකාර සූර්යග්‍රහණයක් දක්වා මාරු වීම බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සූර්යග්‍රහණයේ ගමන් මාර්ගයේ ලොව සමහර ස්ථානවල සිටින නරඹන්නන් පූර්ණ සූර්යග්‍රහණයක් දකින අතර අනෙක් කොටස්වල සිටින අය වළයාකාර සූර්යග්‍රහණයක් දකිනු ඇත.

අවස්ථා දෙකේදීම චන්ද්‍රයා, පෘථිවිය සහ සූර්යයා අතරින් ගමන් කරන අතර අමාවක දිනකදී පෘථිවිය සහ සූර්යයා අතරට චන්ද්‍රයා පැමිණි විට චන්ද්‍රයාගේ සෙවනැල්ල පෘතුවිය මත වැටෙන ප්‍රදේශවලට සූර්ය ග්‍රහණයක් ඇතිවේ.

පෘථිවිය වටා චන්ද්‍රයාගේ කක්ෂය ඉලිප්සාකාර බැවින් පෘථිවියේ සිට චන්ද්‍රයා ට ඇති දුර විවිධ අවස්ථාවන්හිදී එහි සාමාන්‍ය අගයෙන් 6% කින් පමණ වෙනස් විය හැක.

එමනිසා, චන්ද්‍රයාගේ දෘශ්‍ය ප්‍රමාණය පෘථිවියේ සිට ඇති දුර අනුව වෙනස් වන අතර, පූර්ණ සහ වළයාකාර ග්‍රහණ අතර සංක්‍රාන්තියට තුඩු දෙන්නේ මෙම බලපෑමය.

ශ්‍රී ලංකා සම්මත වේලාවට අනුව සූර්යග්‍රහණය, අප්‍රේල් 20 දින ඉන්දියන් සාගරයෙන් පෙරවරු 7.04ට ආරම්භ වී දහවල් 12.29ට පැසිෆික් සාගරයෙන් අවසන් වීමට නියමිතය.

සූර්ය ග්‍රහණය, වළයකාර අවස්ථාවේ සිට පූර්ණ අවස්ථාවට සංක්‍රමණය වී නැවත වළයාකාර අවස්ථාවට සංක්‍රමණය වීම දැකගත හැකි ස්ථාන දෙකක් පමණක් පෘථිවියේ ඇත.

කෙසේ වෙතත්, අවාසනාවන්ත ලෙස මෙම ස්ථාන දෙක ද සාගරේ මැද පිහිටා ඇති බව ද කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කර තිබේ.

එම සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට මෙන්ම ලෝකයේ බොහෝ රටවලට දෘෂ්‍යමාන නොවේ.

කෙසේ වෙතත්, බටහිර ඔස්ට්‍රේලියාව, නැගෙනහිර ටිමෝරය සහ නැගෙනහිර ඉන්දුනීසියානු දූපත්වල සිටින අයට සූර්යග්‍රහණය දෘශ්‍යමාන වන අතර, ඔවුන් ජීවිත කාලයටම එක්වරක් පමණක් විය හැකි මෙම අහස් සංදර්ශනය නැරඹීමට සූදානම් වෙති.

මෙම සූර්යග්‍රහණය දැකිය හැක්කේ ලෝක ජනගහනයෙන් 8.77% කට තරම් සුළු කොටසකට පමණි.

දෙමුහුන් සූර්යග්‍රහණ ඉතා දුර්ලභ වන අතර අවසන් දෙමුහුන් සූර්යග්‍රහණය මීට වසර 10 කට පමණ පෙර එනම් 2013 නොවැම්බර් 3 වන දින සිදු වූ අතර මීළඟ දෙමුහුන් සූර්යග්‍රහණය 2031 නොවැම්බර් මාසයේදී සිදුවනු ඇත.

මෙම සූර්ය ග්‍රහණය ශ්‍රී  ලංකාවට දිස් නොවෙන නමුත් නාසා වෙබ් අඩවි ඔස්සේ සජීව විකාශනය අපට නැරඹිය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක් ප්‍රයිම් සහ මෙල්වා වෙතින් Prime Marina Sales Suite වරාය නගරයේදී විවෘත වෙයි

කොළඹ වරාය නගරයේ (Colombo Port City) ‘ප්‍රයිම් මරීනා’ (Prime Marina) නමින් නව ලෝක මට්ටමේ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් හඳුන්වා දී...

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...
- Advertisement -spot_imgspot_img

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you